වෙනිසියුලාවේ සිරගතව සිටි ඇමෙරිකානුවා හා බිරිඳ නිදහස්
වෙනිසියුලාවේ සිටි ඇමෙරිකානු ජාතික සිරකරුවා සහ ඔහුගේ වෙනිසියුලානු ජාතික බිරිඳ නිදහස් කරනු ලැබුවත්, එරටට එරෙහි ඇමෙරිකානු සම්බාධක තවදුරටත් පවතිනු ඇති බව උප ජනපති මයික් පෙන්ස් පවසයි.
ජෝෂුවා හෝල්ට් සහ ඔහුගේ බිරිඳ වන තාමි ඇමෙරිකානු සෙනෙට් සභික බොබ් ක්රොකර් සමග පසුගියදා යළි ඇමෙරිකාව වෙත පැමිණියහ.
සෙනට් සභික බොබ් මෙම ඇමෙරිකානුවා නිදහස් කරගැනීම සඳහා මැදිහත්කරුවෙකු ලෙස ක්රියාකර තිබුණි.
පසුව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් ධවල මන්දිරයේදී හමුවී කතා කිරීමේ වාසනාවද හෝල්ට් වෙත හිමිවිය.
ගිනි අවි පවතින බව වසන් කිරීමේ චෝදනා යටතේ හෝල්ට් සහ බිරිඳ වසර දෙකක කාලයක් වෙනිසියුලාවේ සිරගත කර සිටි අතර, 2016 වසරේදී කර්කාස් නුවර සිය නිවසේ සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.
එහිදී, ඔවුන් ඇමෙරිකානු වීසා බලාපොරොත්තුවෙන් පසුවන අවස්ථාවේදී ඔවුන්ට මෙසේ චෝදනා කර ඔවුන් සිරභාරයට ගත් බව හෝල්ට් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.




