වෙනිසියුලා බන්ධනාගාර කැරැල්ලකින් 37ක් මරුට
දකුණුදිග වෙනිසියුලාවේ බන්ධනාගාරයක පැවති කැරැල්ලක් මැඬපැවැත්වීමට යාමේදී සිදුවූ වෙඩිතැබීම්වලින් බන්ධනාගාර රැඳවූවන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
වෙනිසියුලාවේ අභ්‍යන්තර අමාත්‍යාංශ විශේෂ බළකා සෙබළු ඇමසෝනාස් ප්‍රාන්තයේ පිහිටි, පෝර්ටෝ අයකුචෝ බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල මැඬපැවැත්වීම සඳහා යොදාගෙන තිබූ බව සඳහන් වේ.
ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා සිටියේ පැය කිහිපයක් පැවති අඛණ්ඩ වෙඩි හඬක් බන්ධනාගාරය තුළින් ඇසුණු බවයි.
මේ අතර, ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසා සිටියේ බන්ධනාගාරය තුළ මහා මනුෂ්‍ය සංහාරයක් සිදුව ඇති බවයි.
මෙම මෙහෙයුම අතරතුර ආරක්ෂක අංශ නිලධාරීන් 14 දෙනෙකුද තුවාල ලබා ඇති බව අභිචෝදකයන් සඳහන් කර සිටී.
සිද්ධියෙන් මියගිය සියලු දෙනා බන්ධනාගාර රැඳවූවන් බවත්, මෙම කැරැල්ල සිදුවන අවස්ථාවේදී මෙම බන්ධනාගාරය තුළ රැඳවූවන් 105ක් පමණ සිටි බවත් බන්ධනාගාර නිරීක්ෂණ කණ්ඩායම් පවසයි.
වෙනිසියුලාවේ ඇති බොහෝ බන්ධනාගාර තුළ නිලධාරීන් ඉතා සුළු ප්‍රමාණයක් සිටීම නිසා එම බන්ධනාගාර පාලනයේදී හා ඒවායේ ආධිපත්‍ය පැතිරීමේදී රැඳවූවන් කල්ලි ගැසී සිටීමක් දක්නට ලැබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
	.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                