ඉතාලියේ පාසල් සිසුන්ට ලබාදෙන වෘත්තීය පළපුරුද්ද ප්‍රමාණවත් නොවන බවත්, අනාගතයේදී අපේක්ෂිත රැකියාවක් ලබාගැනීමට දැනට ලැබෙන දායකත්වය සීමිත බවත් පවසමින් එරට පාසල් සිසුන් දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබුණි.
මෙම උද්ඝෝෂණය, වර්ජනයක් ලෙස නම්කර තිබූ පාසල් ශිෂ්‍ය සංගම් විසින් සමාජජාල හරහා මෙම දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය එරට නගර 70ක් පුරා පවත්වා තිබුණි.
ඉතාලි පාසල් ශිෂ්‍ය සංගම් ජාලය පවසා සිටියේ එරට පාසල්වලින් 95%ක් පමණක්, සිසුන් ලක්ෂ 9ක් පමණ වෘත්තීය පුහුණු වැඩසටහනට සහභාගී වන බවයි.
කෙසේ වෙතත්, යුරෝපා සංගමයට අයත් රටවල් අතරින් සේවා වියුක්ති අනුපාතය ඉහළම රට ලෙස ඉතාලිය 11.2%ක සේවා වියුක්තියක් පෙන්වයි.