වීදුරු පෘෂ්ඨයක් සහිත ලොව දිගම සහ උසම පාලම මතින් ගමන් කිරීමේ දිනය වැඩි ඈතක නොවන බව එම පාලම ඉදිවන චීනයේ, හුනාන් පළාතෙන් වාර්තා වෙයි.
එම පාලම මතින් ඇවිද යනවිට පහළ ප්‍රපාතයේ වූ සැන්ග්ජියෑජි ජාතික වනෝද්‍යානයේ සොඳුරු දසුන් පහසුවෙන් විඳගැනීමටත්, ඒ මතින් ගමන් කිරීම අතිශය ත්‍රාසය කැටි වූ අත්දැකීමක් කරගැනීමටත් එහි පෘෂ්ඨයට වීදුරු මතුපිටක් යොදාගැනීමේ අරමුණ වී තිබේ.
ඒ අනුව, මෙම අතිශය විශ්මයජනක පාලමේ පෘෂ්ඨයට ප්‍රථම වීදුරු පතුර එළීම එහි ඉංජිනේරුවන් විසින් සිදුකර තිබුණි.
මීටර් 430ක් දිග, මීටර් 6ක් පළල මෙම පාලම මත සිට මීටර් 300ක ප්රපාතයක් පවතින අතර, මෙම සුවිශේෂී පාලම සිසාරා සොඳුරු භූ දර්ශනයක් පවතී.
2015 වසරේ සාදා නිම කිරීමට සැලසුම් කර තිබුණද, මෙහි ඉදිකිරීම් ඉදිරියේදී අවසන් කර එය එළැඹෙන මැයි මාසයේදී විවෘත කිරීමට චීනය සැලසුම් කර තිබේ.