විශ්වය කිසිවෙකුගේ මැවීමක් නොවන බව කියාපෑ හෝකින්
විශ්වය කිසිවෙකුගේ නිර්මාණයක් නොවන බවත්, මිනිසුන්ගේ දෛවය කිසිවෙකු විසින් තීරණය කරන්නක් නොවන බවත් දිවියෙන් සමුගත් ලෝ ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින් වරක් පවසා තිබුණි.
ඔහු දෙවියන් පිළිබඳ විශ්වාසය තරයේ ප්‍රතික්ෂේප කළ අතර, විද්‍යාව මුල් තැනෙහි තබා සෑමවිටම කතා කළේය.
"අපි ඕනෑම අයෙකුට අපට අවශ්‍ය දේ පිළිගැනීමට නිදහස තිබෙනවා. මේක මගේ අදහස සහ මගේ ඉතා සරලම පැහැදිලි කිරීම නම්, දෙවියන් කියා කෙනෙක් නැහැ.
කිසිවෙකු අපේ විශ්වය නිර්මාණය කළේ නෑ. ඒ වගේම කිසිවෙකුත් අපේ දෛවය තීරණය කරන්නෙත් නෑ.
මා තේරුම්ගත් ආකාරයට දේවියන්ගේ ලෝකයක් හෝ යළි ඉපදීමකුත් නෑ. අති සුවිශේෂී නිර්මාණයක් වන අපේ විශ්වයෙහි වටිනාකම තේරුම් ගැනීමට අපට ලැබී ඇති එකම උපත මෙයයි. එසේ සිතීමේදී මා බොහෝ සෙයින් සතුටට පත්වෙනවා.
විශ්වය දෙවියන්ගේ නිර්මාණයක් දැයි මිනිසුන් මගෙන් අසන විට, මම ඔවුන්ට පවසන්නේ ඒ ප්රශ්නයේම කිසිම අර්ථයක් නොමැති බවයි.
මහා පිපිරීමට (බිග් බෑන්ග්) පෙර 'කාලය' කියා දෙයක් පැවතියේ නෑ. එසේ නම් විශ්වය නිර්මාණය කිරීමට දෙවියන්ට වෙලාවක් තිබුණේ නෑ.
මේ පැනය හරියට පෘථිවි ගෝලයේ කොණ සොයා ගැනීමට පාර අසනවා වගේ වැඩක්. පෘථිවිය ගෝලාකාරයි. එහි කොණක් හොයා ගැනීමට හැකියාවක් නොමැතිවා සේම, එවැනි කොණක් සොයාගෙන යෑම නිරර්ථක උත්සාහයක් පමණක් වේවි." යනුවෙන් හෝකින් පවසා තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

