චීනයේ විවාහක පුරුෂයෙකු බඩේ රිදුමක් හා මුත්‍රා සමග රුදිරය පිටවීමක් හේතුවෙන් වෛද්‍යවරයෙකු හමුවූ විට තමන් කාන්තාවක බවත්, රුදිරය පිටවීම ඔසප් ක්‍රියාවලිය බවත් වෛද්‍යවරයා පැවසීමෙන් මහත් විමතියට පත්වූ බව චීනයෙන් වාර්තා වෙයි.
44 හැවිරිදි විවාහක පුරුෂයෙකු වූ මෙම තැනැත්තා සිය වෛද්‍යරයා හමුවීමට ගොස් ඇත්තේ ඔහුගේ බිරිඳද සමගිනි. කෙසේ වෙතත් වෛද්‍යවරයාගේ කතාවෙන් පසු වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී ඔහුට පුරුෂ ලිංගයක් පැවතියද, ස්ත්‍රී බීජයක් බිහි කෙරෙන සියලුම අවයවද ශරීර අභ්‍යන්තරයේ පිහිටා ඇති බව හඳුනාගෙන තිබේ.
මේ අතර, ඔහු පවසා ඇත්තේ තමන් වසර 10ක පමණ කාලයක් තම බිරිඳ සමග ඉතා සාර්ථක යුග දිවියක් ගෙවූ බවයි. නමුත්, වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් සැක පහළ කර ඇති අතර, ඔහුගේ ලිංගේන්ද්‍රිය සාමාන්‍ය පුරුෂයෙකු හා සමාන නොවන බව තහවුරු කරගෙන තිබේ.
ඒ අනුව, ඔහු මුලින් ස්ත්‍රියක ලෙස උපත ලබා පසුව ක්‍රමයෙන් පුරුෂ වෙස් ගෙන ඇති බව වෛද්‍ය පරීක්ෂණවලදී හෙළි වී තිබේ.