බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලයේ වෙනස් කිරීමකට අනුව එරට විදේශ ලේකම් විලියම් හේග් සිය ධුරයට සමුදීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.
විදේශ ලේකම් ධුරයෙන් ඉවත් වුවත්, ඔහු තවදුරටත් බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලයේ කටයුතු කරනු ඇති බව කියැවෙයි.
සිය වසර 26ක පාර්ලිමේන්තු දිවියෙන් පසු 2015 වසරේදී හෙතෙම පාර්ලිමේන්තුවට සමුදීමට සූදානමින් සිටියි.
බ්‍රිතාන්‍ය අමාත්‍ය මණ්ඩලයේ සිදුකරන වෙනස්කම් අනුව එරට කෙන් ක්ලාර්ක් ද සිය ධුරයෙන් ඉවත්ව ඇති බව කියැවෙයි.
එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු උපුටා දක්වමින් බී.බී.සී.ය පවසා සිටියේ වත්මන් ආරක්ෂක ලේකම් ෆිලිප් හැමන්ඩ් එරට විදේශ ලේකම් ධුරයට පත්වනු ඇති බවය.