වියට්නාමයේ හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
වියට්නාමයේ අගනගරය වන හැනෝයි නුවරට ආසන්නයෙන් මෙම යානය අනතුරට පත්ව ඇති බව කියැවෙයි.
MI-171 වර්ගයේ යානය පුහුණ සැසියක් සඳහා යොදාගනිමින් සිටියදී මෙසේ කඩා වැටී තිබේ.
එරට ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ යානයේ කාර්මික දෝෂයක් එය කඩා වැටීමට හේතු වී ඇති බවයි.
මරණයට පත්වූවන් හා තුවාල ලැබූවන් සියලු දෙනා හමුදා සාමාජිකයන් බවද පැවසෙයි.