වියට්නාමයට බලපා ඇති අධික වර්ෂාවත් සමග ඇතිවී තිබෙන ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
උතුරුදිග හා මධ්‍යම වියට්නාමය වෙත බලපෑ නිවර්තන අවපාතයක් සමග මෙම වැසි තත්ත්වය ඇතිවී තිබෙන අතර, මේ හේතුවෙන් තවත් පුද්ගලයන් 40ක් පමණ අතුරුදන්ව ඇති බවද විදෙස් වාර්තා පවසයි.
අතුරුදන් වූ පිරිස අතර මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය පළාත් මාධ්‍යවේදියෙකුද සිටින අතර, පාලමක් කැඩී යාමෙන් ඔහු ජලයේ ගසාගෙන ගොස් ඇති බව කියැවෙයි.
මෙම අග්නිදිග ආසියානු රාජ්‍ය බොහෝ අවස්ථාවලදී මෙවැනි නිවර්තන අවපාතයන්ට මුහුණදෙන අතර, ඒ සමගම ඇතිවන හදිසි ජල ගැලීම් හේතුවෙන් සෑම වසරකම පාහේ පුද්ගල ජීවිත කිහිපයක් අහිමි වෙයි.