IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය ඉරාකය හා සිරියාව තුළ ලැබූ අන්ත පරාජය හමුවේ මෙම ත්‍රස්ත සංවිධානයේ විදෙස් සාමාජිකයන් යළි සිය රටවලට පැමිණ ඇති බව බුද්ධි තොරතුරු හෙළි කරයි.
ඇමෙරිකාව කේන්ද්‍ර කරගත් බුද්ධි මණ්ඩලයක් වන සොවුෆෝන් මධ්‍යස්ථානය වාර්තා කරන ආකාරයට මේ වනවිට 5,600ක් පමණ වන විදෙස් ත්‍රස්ත සාමාජිකයන් යළි සිය රටවලට පැමිණ තිබේ. එසේ ත්‍රස්ත සාමාජිකයන් යළි පැමිණි රටවල් ගණන සංඛ්‍යාත්මකව 33ක් පමණ වන බවද ඔවුහු පවසති.
මෙම අනාවරණයෙහි සංඛ්‍යා දත්තවලට බ්‍රිතාන්‍ය හැරගොස් IS ත්‍රස්ත සංවිධානය සමග එක්ව සිටි 850ක් පමණ වන බ්‍රිතාන්‍ය ජාතිකයන් පිරිසක්ද ඇතුළත් බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම පිරිස යළි සිය මවු රටවලට පැමිණීම ඒ රටවල් මෙන්ම ලෝකය පුරා ත්‍රස්ත අවදානම තීව්ර කරන අවස්ථාවක් බව ආරක්ෂක විශ්ලේෂකයෝ පවසති.
2014 ජූනි මාසයේදී IS ත්‍රස්ත සංවිධානය ඉස්ලාම් රාජ්‍ය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ලොව පුරා රටවලින් ඔවුන් සමග ජිහාඩ් අන්තවාදය වැළඳගත් විශාල පිරිසක් වූහ.
මෙසේ පැමිණි සෙසු ත්‍රස්ත සාමාජිකයන් අතර රුසියාවෙන් ගොස් සිටින 3,417ක් වූ පිරිසෙන් 400ක් පමණ, සෞදි අරාබියෙන් ගොස් සිටින 3,244ක් පමණ වන පිරිසෙන් 760ක්, ටියුනීසියාවෙන් ගොස් සිටින 2,926ක් පිරිසෙන් 800ක් සහ ප්‍රංශයෙන් ගොස් සිටි 1,910ක් පිරිසෙන් 271ක් ආදී වශයෙන් මෙලෙස යළි සිය රටවලට පැමිණ සිටිති.