රුසියාව තුළ එරටදීම නිෂ්පාදනය කළ මෘදුකාංග හැකිතාක් භාවිත කිරීමට කටයුතු කරන ලෙස රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් එරට තොරතුරු තාක්ෂණ සමාගම් වෙත දන්වා තිබේ.
මේ වනවිට සයිබර් අවකාශයේ පවතින දැඩි ආරක්ෂක අවධානම හේතුවෙන් තවදුරටත් විදේශීය මෘදුකාංග වෙත විශ්වාසය තැබිය නොහැකි බව රුසියානු නායකයා අනතුරු අඟවා තිබේ.
රුසියාවේ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සමාගම් නියෝජිතයක් කිහිප දෙනෙකු හමුවූ අවස්ථාවේදී රුසියානු නායකයා මෙම අදහස් දැක්වීම සිදුකර ඇති අතර, ඔහු පවසා සිටියේ රුසියාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය වැඩිවශයෙන් දේශීය මෘදුකාංග හා දේශීය තොරතුරු තාක්ෂණ විශේෂඥයන්ට මුල්තැන දිය යුතු බවයි.
දැනට පවතින දත්තවලට අනුව රුසියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය තුළ රුසියාවේදීම නිෂ්පාදනය කළ මෘදුකාංග භාවිතය 30%ක් පමණක් බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
අයි.බී.එම්. හෝ එවැනි විදේශීය මෘදුකාංග සමාගම්වල මෘදුකාංග කර්මාන්තකරුවන්ට ලබාදීමට කටයුතු නොකරන ලෙසත්, එවැනි විදේශීය මෘදුකාංග පාවිච්චිය තුළ රුසියාව දැඩි අවදානමකට ලක්කිරීමට අවශ්‍ය නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.