ඉන්දුනීසියානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව ජෝකෝ විඩෝඩෝ එරට නව ජනාධිපතිවරයා ලෙස ජයග්‍රහණය කර ඇති බව එරට මැතිවරණ කොමිසම පෙරේදා දිනයේදී ප්‍රකාශයට පත් කළත්, ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන හිටපු හමුදා ජෙනරාල් ප්‍රබාවෝ සුබිඅන්ටාවෝ එම ප්‍රතිඵලය අභියෝගයට ලක් කරමින් ප්‍රතික්ෂේප කර තිබේ.
ජකර්තා ආණ්ඩුකාරවරයා ලෙස ජනප්‍රියත්වයට පත්ව සිටි විඩෝඩෝ පසුගිය ජූනි 09 වැනිදා පැවැත් වූ ජනාධිපතිවරණයෙන් 53.15% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබුණි. එහිදී, ඔහු සමග කරට කර තරගයක නිරත වූ සුබිඅන්ටාවෝට හිමිව ඇත්තේ 46.85% ක ප්‍රතිශතයක් පමණි.
ඒ අනුව, සුබිඅන්ටාවෝ මේ ප්‍රතිඵලයට එරෙහිව එරට ව්‍යවස්ථාදායක අධිකරණය තුළ නඩුවක් ගොනු කිරීමට සුදානම් වන බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක පවසා සිටින්නේ, මීට අමතරව ඡන්ද ගණන් කිරීමේ කටයුතුවලදී බොහෝ අක්‍රමිකතා සිදුවූ බවටද චෝදනා කරමිනි.