බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා ඇමෙරිකාව පාලනය කළ සමයේ ඔහුට සිය ජනාධිපති පුටුව විදුලි පුටුවක් බවට පත්කළ ගැහැණිය ඇයයි.
මොනිකා ලෙවෙන්ස්කි යනුවෙන් පැවසූ විට ලොවක් එක හුස්මට හැඳින ගත් ඇය, දැන්යළිත් මේ විශ්රාමික ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ සැඳෑ සමයත් මහා අවුල් ජාලාවක් බවට පත්කිරීමට සැරසෙන්නේ ඔහුට විරුද්ධව ඇය සතු සෙසු සාක්ෂි සාධකද වමාරමිනි.
මේ වනවිට 40 වැනි වියෙහි පසුවන ලෙවින්ස්කි වැනිටි ෆෙයාර් සඟරාවට පවසා ඇත්තේ තමන්ට අසන්නට, අත්දකින්නට ලැබුණු ඒ ඇනුම්පදවලින් තමන් මහත් ශෝකයකටත්, පසුතැවිල්ලකටත් ලක්ව සිටින බවයි.
ජනාධිපතිවරයා තමාගෙන් ප්රයෝජන ගත් බව පවසා සිටියත්, ඇය කියන්නේ ඔවුන්ගේ සම්බන්ධතාව ගලා ගිය බවයි.
කෙසේ වෙතත්, 1998 දී ජනාධිපතිවරයා මෙම සබඳතාව පිළිබඳ බොරු වැමෑරීම හේතුවෙන් රිපබ්ලිකන්වරු ඔහු බලයෙන් පහ කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වූ බවද ඇය කියයි.
නමුත්, දැන් නැවත වරක් ඒ බූමරංගය ලෙවෙන්ස්කිගේ නැගී සිටීමත් සමග ක්ලින්ටන් ජනාධිපතිවරයා වෙතම කැරකී පැමිණෙන්නේ ඔහුගේ බිරිඳ වන හිලරි ක්ලින්ටන් 2016 ඇමෙරිකානු ජනාධිපතිවරණයට තරග කිරීමට සැරසෙන බැවිනි.
වැනිටි ෆෙයාර් හි වැඩිදුරටත් කතා කරන ඇය පවසන්නේ මේ හරහා මොනිකා ලෙවෙන්සිකි නමැති කාන්තාව පිළිබඳ සැබෑ කතාව නැවත කියවීමට තමන් කටයුතු කරන බවයි.