ඉන්දු - පාකිස්තාන පාලනයෙහි පවතින කාශ්මීරය වසර 50කට පසු බලපා ඇති දරුණුතම ගංවතුරේ බලපෑමට නතුව සිටියි.
මේ අතර, ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරය තුළ මේ වනවිට සිදුවන මුදාගැනීමේ මෙහෙයුම් පමාවීම සම්බන්ධයෙන් ජනතාව කණස්සල්ලෙන් සිටින බවද කියැවෙයි.
නමුත්, බලධාරීන් පෙන්වා දෙන්නේ තත්ත්වය වඩාත් දරුණු බැවින්, මුදාගැනීමේ මෙහෙයුම් තරමක් අභියෝගාත්මක වී ඇති බවයි.
කාෂ්මීරයේ ශ්රින්ගාර් නගරය ආසන්නයේ ගංගා තවදුරටත් ජලයෙන් පිරී ඉතිරි යන නිසා, ඒ ආශ්රිත ජනතාව මුදාගැනීම සඳහා පැමිණෙන තෙක් ඔවුන් බලාසිටින බවද කියැවෙයි.
කෙසේ වෙතත් මේ වනවිට ගංවතුර හේතුවෙන් දෙරටේම 450කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.