යුරෝපයේ රොසෙට්ටා අභ්‍යවකාශ යානය වසර 10ක කාලයක් හඹා ගිය සිය අවසන් ගමනාන්තය වූ 67P ධූමකේතුව ආසන්නයට ළඟා වී ඇති බව වාර්තා වෙයි.
මෙම කුඩා යානය අපේ සෞරග්‍රහ මණ්ඩලයේ වූ එම ශක්තිමත් වස්තුව සමග පැය කිහිපයක රහස් හමුවක් පවත්වනු ඇති බව යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.
මේ වනවිට යානය හා ධූමකේතුව අතර කිලෝමීටර් 100ක පමණ දුරක් පවතින බව කියැවෙයි.
මෙම අභ්‍යවකාශ මෙහෙයුමට සම්බන්ධ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයෙකු පවසා සිටියේ මේ හමුවීම අතිශය අනුරාගී හා එදාමෙදාතුර සිදුකළ අභ්‍යවකාශ මෙහෙයුම්වල විශ්මය දනවන සිදුවීමක් වනු ඇති බවයි.
මිනිස් ඉතිහාසය තුළ රාත්‍රී අහස ධූමකේතූන්වලින් අලෝකවත් වුවත්, පෘථිවිය ආසන්නයේදී ධූමකේතුවක් පැහැදිලිව නිරීක්ෂණය කෙරෙන අවස්ථාවක් ලෙස මෙය සැලකෙයි.