ප්‍රේමය, ආදරය ලොවට පහළ වූවා නම්, ඒ වෙනුවෙන් නිශ්චිත කාලවකවානුවක් දීමට ජගතෙකු නොමැති තරම්. වර්තමානයේ SMS එකකට ලඝු කළත්, මිනිස් සිතේ මැවෙන මේ අපූර්ව හැඟීම පිටපත් කරමින් තම පෙම්වතාට හෝ පෙම්වතියට පෙම් හසුනක් ලෙස ලබාදීමේ අතීතයද මෙතෙකැයි කියා දින වකවානු දීමට හැකි ජගතෙකු නැති තරම්. වසර 900කට වඩා පැරණි පෙම් හසුනක් හමුවී ඇති ආරංචිය අපට ලැබෙන්නේ ඒ නොමියෙන ප්‍රේමය ගැන අපූර්ව පූර්විකාවක් අපට ලබාදෙමිනුයි.
මේ පෙම් හසුන පිළිබඳ පර්යේෂණ සිදුකරන විශේෂඥයන් පවසන්නේ එහි දැනට ඉතිරිව ඇත කොටසින් කියැවෙන්නේ 'මාව සිපගන්න' යන අදහසක්ලු. මෙය ඉපැරණි පෙම් හසුනක් නිසාම, විශේෂඥයන් වැඩිදුරටත් පවසා ඇත්තේ මෙය සහශ්‍රවර්ෂ පෙම් හසුනක් විය හැකි බවයි.
12 සහ 13 වැනි ශතවර්ෂයන්හිදී ස්වීඩනයේදී රහස් ලේඛනයක් ලෙස මේ පෙම් හසුන ලියවී ඇති බවත් කියැවෙනවා. ඒ වගේම, මෙවැනි ඉපැරණි කේත ක්‍රම මධ්‍යකාලීන ස්කැන්ඩිනේවියානුවන් විසින් භාවිත කර ඇති විශේෂඥයන් වැඩිදුරටත් පවසා සිටිනවා. කොහොම වුණත්, මේ පෙම්හසුන ගැන ඔවුන් තවදුරටත් පර්යේෂණ සිදුකරමින් සිටින බවයි කියවෙන්නේ.