වල්ගා තරුවක් මතට ගොඩබට ප්‍රථම අභ්‍යවකාශ යානය වන ෆිලේ යානයේ බැටරි ආරෝපණය සිදුවෙමින්, එය යළි ක්‍රියාත්මක තත්ත්වයට පත්ව ඇති බව යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.
රොසෙට්ටා මවු යානයෙන් මිදී 67P වල්ගා තරුව මතට පසුගිය නොවැම්බරයේදී සාර්ථකව පතිත වුවත්, එය අක්‍රීය තත්ත්වයට පත්වූයේ හිරු එළිය නොලැබීමෙනි.
කෙසේ වෙතත්, මේ වනවිට යළි හිරු එළිය ලැබීමත් සමග එය ක්‍රියාත්මක වී පෘථිවිය වෙත තොරතුරු එවීම අරඹා ඇති බව යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය වැඩිදුරටත් පවසයි.