කෘත්‍රිම සිංචන ක්‍රියාවලියෙන් සිදුවූ ගැබ් ගැනීමකින් වයස අවුරුදු 65ක ජර්මානු කාන්තාවක් සිවු නිවුන් දරු උපතක් සිදුකර ඇති බව ජර්මානු මාධ්‍ය පවසයි.
ඈන්ග්රේට් රොවුන්ග් නම් වූ මෙම කාන්තාව පිරිමි දරුවන් තිදෙනෙකු හා එක් ගැහැණු දරුවෙකු බිහිකර තිබේ.
ඔවුන් සිවුදෙනා නිසි කාලයට ප්‍රථම උපත ලබා තිබුණත්, දරුවන් සියල්ලන්ම බේරාගැනීමට හැකිවනු ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
දරුවන් 13 දෙනෙකුගේ හා මුණුබුරන් හත් දෙනෙකුගේ මවක වන මෙම කාන්තාව සිවු නිවුන් දරු උපතක් සිදුකළ ලොව වයස්ගතම කාන්තාව වනු ඇති බවද කියයි.