මැදි වයසේ පුද්ගලයන් ක්‍රියාශීලී නොවීම ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට බලවත් තර්ජනයක් බැවින්, ඔවුන් ඇවිදීමේදී වැඩි වේගයකින් ඇවිදිය යුතු බව එංගලන්ත සෞඛ්‍ය බලධාරීහු පවසති.
එංගලන්තයේ මහජන සෞඛ්‍යය පිළිබඳ නිලධරීන්ට අනුව වයස අවුරුදු 40 ඉක්ම යනවිට බොහෝ පුද්ගලයන්ගේ ක්‍රියාශීලීත්වය මොටවෙයි.
ඒ නිසා වයස අවුරුදු 40 - 60ත් අතර වයසේ පසුවන්නන් නිතිපතාම පාහේ වේගවත් ඇවිදීමක් ආරම්භ කළ යුතු බව ඔවුහු අවධාරණය කරති.
ඔවුන් පෙන්වාදෙන පරිදි දිනකට විනාඩි 10ක් මෙවැනි වේගවත් ඇවිදීමක් සිදුකිරීමෙන් කල් ඇතිවම සිදුවිය හැකි මරණ 15%කින් වළක්වා ගත හැකි බව කියැවෙයි.