වයස අවුරුදු 16ක නව යොවුන් වියේ දැරියක සමූහ දූෂණයට ලක්කර පසුව එම සිදුවීමේ ඡායාරූප හා වීඩියෝ දසුන් අන්තර්ජාලයට මුසුකළ පුද්ගලයන් පස් දෙනෙකු හා බාල වයස්කරුවෙකුට එරෙහිව චෝදනා ගොනුවී තිබේ.
මෙම පරීක්ෂණය මෙහෙයවන ප්රධාන පොලිස් නිලධාරිනිය තමන් සතු සියලු සාක්ෂි අධිකරණය වෙත ලබාදෙමින්, එම සිදුවීමට සම්බන්ධ සියලු දෙනා අත්අංඩගුවට ගැනීමට අවසර ඉල්ලා ඇත.
පසුගිය මැයි මාසයේදී තම පෙම්වතාගේ නිවසට ගිය අවස්ථාවේදී තමාට මත්වෙන යමක් පානය කිරීමට සැලැස්වූ බවත්, පසුව තමා වෙනත් ස්ථානයක සිටි බවත්, එම ස්ථානයේ පුද්ගලයන් 30කට අධික පිරිසක් තවා වට කරගෙන සිටින ආකාරය දුටු බවත් දූෂණයට ලක්වූ දැරිය පැවසීය.
පොලිස් පරීක්ෂණවලට අනුව අවස්ථා දෙකකදී මෙම දැරිය සමූහ දූෂණයට ලක්ව ඇති අතර, මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ට එරෙහිව පවතින චෝදනා ඔප්පු වුවහොත්, දූෂණයට ලක්කිරීමට එරෙහිව වසර 15ක්, එම සිදුවීම ඡායාරූපගත කිරීමට එරෙහිව වසර 8ක් සහ ඒවා සෙසු අය අතරේ හුවමාරු කිරීමට (අන්තර්ජාලයට එක්කිරීමට) එරෙහිව වසර 6ක් වශයෙන් දඬුවම් නියම වනු ඇත.