දිල්ලියේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඇතුළු අනෙකුත් රජයේ ගොඩනැගිලිවල සිටින වඳුරන් පැන්නීම සඳහා වඳුරන් අනුකරණය කරමින් කෑ ගසා එම සතුන් බියවැද්දිය හැකි පුද්ගලයන් 40ක් කුලී පදනම යටතේ බඳවාගෙන ඇති බව වාර්තා වෙයි.
එහිදී, මෙම පුද්ගලයන්ද වඳුරන් ආකාරයෙන් කෑ ගසමින්, කළු මුහුණැති ලැන්ගර් වඳුරන් හා රතු මුහුණැති මැකාව් වඳුරන් රජයේ ගොඩනැගිලිවලින් එලවා දැමීම සිදුකරනු ඇති බව කියැවෙයි.
මේ වනවිට අධික වඳුරු ගහනය දිල්ලි නගරයේ දැවැන්ත අර්බුදයක් ඇතිකර තිබෙන අතර, මහාමාර්ග හරහා දිවයන ඔවුන්, උද්‍යානවල දහස් ගණනින් දැකගත හැකි බවද කියැවෙයි. එමෙන්ම, ආහාර ඉල්ලා ඇතැම් අවස්ථාවල මිනිසුන් සපා කෑ සිදුවීම්ද වාර්තා වෙයි.
නමුත්, මෙම සතුන් ඉන්දියාවේ හින්දූන් විසින් පූජනීයත්වයෙන් සලකන නිසා බොහෝ අවස්ථාවල එම සතුන්ට ආහාර පාන ලබාදීමට ඉන්දියානුවන් කටයුතු කරන නිසා, වනාන්තයට නොගොස් නගරයේම සැරිසැරීමට වඳුරන්ද පුරුදුව සිටී.
දිල්ලි පාලන අධිකාරිය විසින් මීට පෙර සැබෑ ලැන්ගර් වඳුරන්ම යොදා ගනිමින් සෙසු වඳුරන් බියට පත්කර පළවා හැරීමේ ක්‍රමවේදයක් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආශ්‍රිතව සිදුකළත්, එය සතුන් ක්‍රෑර වදහිංසනයකට පත් කිරීමක් බවට සත්ව ක්‍රියාකාරීන් අවධාරණය කිරීම හේතුවෙන් එම ක්‍රමය අත්හැර දැමීය.