චිම්පන්සියන්, දිවියන්, ජිරාෆ් ඇතුළු තවත් සත්ව විශේෂ 33ක් වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින සතුන් ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් පිලිපීනයේ පැවති වන සත්ව සමුළුවකදී තීරණය කර තිබේ.
මෙම සත්ව විශේෂ අතරට ලොව විශාලතම මාළුවෙකු ලෙස සැලකෙන තල්මස් මෝරුන්ද සිටින බව කියයි.
දින හයක් පුරා පැවති සංක්‍රමණික සත්ව ආරක්ෂණ සමුළුව ඊයේ (28දා) අවසන් වූ අතර, මෙය දේශසීමාවන්ගෙන් ඔබ්බට සත්ව ප්‍රජාවන් වෙත ආරක්ෂාව සැලසීම අරමුණු කර ගනිමින් පැවැත්වී තිබේ.
මෙම සංවිධානයේ විධායක ලේකම්වරයා පවසා සිටියේ මේ වෙනුවෙන් සෑම අයෙකුම දායක වීම අත්‍යවශ්‍ය බවයි.