ඇමෙරිකානු ජනාධිපතිවරණය, ඉරාකයේ මොසුල් ප්‍රහාරය, හයිටිය විනාශ කළ මැතිව් චණ්ඩ මාරුතය, ප්‍රංශයේ ජංගල් කඳවුර ගැලවීම, සිරියාවේ මහා ජන සංහාරය, F1 ධාවන පථයේ ජයග්‍රහණයේ සතුට අතර, සුනඛයන් රොක් තරු බවට පත්වූ 'කිස්' සුනඛ සංගීත කණ්ඩායමට මැදිවූ ලෝක ඡායාරූප එකතුවකි මේ.
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් දැනටමත් මැතිවරණය ජයග්‍රහණය කර අවසන්ය. ඇමෙරිකාවේ ප්‍රධාන දහරාවේ මාධ්‍ය රැසක් හිලරි ජයග්‍රහණය කරවීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන අවසන්ය.
මේ වනවිටත් ඔබාමා පාලනය විසින් රුසියාවේ ඔත්තුකාරයෙකු ලෙස හංවඩු ගසා ඇති රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බවට ඉඟි පළ කර ඇත.
ප්‍රංශයේ, කැලේ ප්‍රදේශයේ වූ සුප්‍රසිද්ධ ජංගල් සරාණාගත කඳවුර ගැලවීමට ප්‍රංශ බලධාරීන් කටයුතු කරමින්, ඔවුන් ප්‍රංශය පුරා වූ කඳවුරු කිහිපයක් වෙත මාරුකර යැවීමට කටයුතු කළේ, විශාල පොලිස් බලෑණියක ආරක්ෂාවද සමගිනි.
සිරියාවේ ඩමස්කස් යනු මේ වනවිට නටඹුන් නගරයකි. එහි සිවිල් වැසියන්ට ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ ම්ලේච්ඡත්වය සමග විදෙස් හමුදාවන්ගේ මෙන්ම, රජයේ හමුදාවන්ගේ ප්රහාරයන්ටත් මැදිව අවසන් හුස්ම හෙළීමට සිදුව ඇත්තේ වයස් භේදයකින් තොරවය.
හයිටිය වෙත බලපෑ මැතිව් චණ්ඩ මාරුතය විසින් සිදුකළ හානියක මෙතෙකැයි කියා කිව නොහැකිය. ස්වභාවික විපත්වලින් මෙන්ම, දේශපාලන බල අගලයන්ගෙන්ද බැටකන හයිටියට මැතිව් අහිමිකළ ජීවිත සංඛ්‍යාව 1,000 ඉක්මවති.
ෆෝමියුලා වන් ජයග්‍රහණයක් සමරන ලුවිස් හැමිල්ටන්ට එකතු වූයේ, ටෙනිස් ශූරියක වන වීනස් විලියම්ස්ය. දෙදෙනාම ලෝක ක්‍රීඩා පිටියේ සුපිරි ක්‍රීඩකයන් සේම, වර්තමානයේදී ක්‍රීඩාව සමග බැඳී ඇති මහා ධනස්කන්ධයේද උරුමකරුවන්ය.
ඉරාකයේ මොසුල් නගරය අද දවසේ වඩාත් කතාබහට ලක්වන නගරය යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ. ඉරාකයේ දෙවැනි විශාලතම නගරය ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගෙන් මුදාගැනීම සඳහා ඉරාක හා කුර්දි හමුදා ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයේද සහාය ඇතිව මහා මෙහෙයුමක් අරඹා ඇත.
මේ සියල්ල මැද ඔබ දකින්නේ නිව්යෝක්, මෑන්හැට්න් හි ටොම්ප්කින්ස් චතුරස්රයේ පැවති සුනඛ සංගීත ප්‍රසංගයකි. 'කිස්' යනුවෙන් හැඳින්වෙන මෙම 'රොක්' සුනඛ සංගීත කණ්ඩායම වාර්ෂික හැලොවින් උත්සවය සමග කරළියට පැමිණෙමින් සුනඛයන්ද රොක් තරු බවට පත්කර තිබුණි.