ඉන්දියාවේ, බුද්ධගයාහි මහාබෝධි විහාරස්ථානයේදී දහස් ගණනක් වූ ටිබෙට් භික්ෂූන්, භික්ෂුනීන් හා සැදැහවත් ජනතාවගේ සහභාගීත්වයෙන්ලෝක සාමය පතා විශේෂ ආගමික උත්සවයක් අද (14දා) පැවැති බව ප්රංශ පුවත් සේවය පවසයි.
'කගයු මොන්ලාම්' නමින් ලෝක සාමය වෙනුවෙන් වර්ෂිකව පැවැත්වෙන මෙම විශේෂ ආගමික චාරිත්රය මෙවර පැවතියේ 31 වැනි වරටය. මෙවර වැඩසටහනෙහි ප්රධානත්වය ගනු ලැබුවේ ටිබෙට් බුදුදහම පිළිබඳ ලොව විශාලතම ආරාම හතරින් එකක් වන කරාම් කගයුහි ප්රධානියා හෙවත් කර්මාපා ලෙස සැලකෙන ඔග්යෙන් ට්රින්ලෙයි ඩොර්ජේ ටිබෙට් භික්ෂුව විසිනි.