ඇමෙරිකාවට එල්ල වූ 9/11 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ කොමිෂන් සභා වාර්තාවේ සෞදි අරාබිය ප්‍රහාරය පසුපස සිටින බවට වූ චෝදනාව යළිත් කරළියට පැමිණ තිබේ.
මෙම ප්‍රහාරයට සෞදියේ සිටින ඉහළ පෙළේ ධනවතුන්ගේ මුදල් ගලාවිත් ඇති බව එම වාර්තාවෙන් කියැවී තිබූ අතර, ඇමෙරිකාවේ ඇතැම් නීතිසම්පාදකයන් හා ප්‍රහාරයට ගොදුරු වූ පවුල්වල සාමාජිකයන් මෙම චෝදනාව සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් පසුවීය.
2001 වසරේදී 9/11 ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි ත්රස්තයන් 19 දෙනාගෙන් 15 දෙනෙකුම සෞදි ජාතිකයන් වීමත්, ඒ පිළිබඳ සැකය වඩාත් තහවුරු කරන්නට විය. කෙසේ වෙතත්, එම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මිනිස් ජීවිත 3,000කට ආසන්න ප්‍රමාණයක් අහිමි වූ අතර, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් විනාශ වනවිට, පෙන්ටගනයටද ප්‍රහාරයක් එල්ල විය.
9/11 කොමිෂන් වාර්තාව ස්වාධීන විනිසුරු මඬුල්ලක් විසින් සකසා තිබූ අතර, 2001 වසරේ සිදුවූ ප්‍රහාරයෙන් වසරකට පසුව එය නිකුතු කෙරුණත් එහි කොටස් කිහිපයක් ප්‍රසිද්ධ නොවීය.
එහිදී, ඇමෙරිකානු රජය විසින් හිතාමතා සිය ළඟම මිතුරෙකු වූ සෞදිය ආරක්ෂා කිරීමේ උවමනාවෙන් එම කොටස් වසන් කිරීම සිදුකර ඇති බවට චෝදනා කෙරිණි.
මේ අතර, ඇමෙරිකානු සී.අයි.ඒ. සංවිධානය පවසන්නේ එම වාර්තාව සැකසීමට මුලින්ම කටයුතු කළ විනිසුරුවන් ඊට ඇතුළත් කළ ඇතැම් තොරතුරු අතර, එෆ්.බී.අයි. ආයතනය විසින් ලබාදුන් තහවුරු නොකළ තොරතුරුද පවතින බවයි.
කෙසේ වෙතත්, ධවන මන්දිර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ මෙම වාර්තාවෙන් 9/11 ප්‍රහාරයේ වගකීම සම්බන්ධයෙන් නව අර්ථ කථනයක් ඉදිරිපත් නොවන බවයි. එමෙන්ම, සෞදි රජය හෝ සෞදියේ ධනවතුන් අල්-කයිඩා සංවිධානයට මුදල් ලබාදීමක් පිළිබඳ සාක්ෂි නොමැති බවද ධවල මන්දිර ප්‍රකාශකවරයා පවසා තිබේ.