ලෝක වාර්තා තැබූ විදුරු පාලම තාවකාලිකව වැසේ
වීදුරු පතුලක් සහිතව නිමවා ඇති ලෝකයේ දිගම හා උසම පාලම විවෘත කිරීමෙන් සති දෙකක් යාමටත් පෙර එය තාවකාලිකව වසා දැමීමට චීන බලධාරීන් සිදුව තිබේ.
ලෝක වාර්තාවක්ද සමගින් හුනාන් පළාතේ සන්ජියෙජි සානුව හරහා මීටර 300ක් ඉහළින් නිර්මාණය කළ මෙම පාලම නැරඹීම සඳහා ප්රමාණය ඉක්මවූ සංචාරකයන් පිරිසක් වැල නොකැඩී පැමිණීම නිසා මෙම තීරණය ගැනීමට බලධාරීන්ට සිදුව තිබේ.
කෙසේ වෙතත්, එම කලාපයේ සිදුවන හදිසි නඩත්තු කටයුත්තක් නිසා මෙය වසා දැමූ බවටද අදහසක් පවතී.
කෙසේ වෙතත්, මිටර් 430ක් දිග මෙම පාලම මත එක් වතාවකට 8000ක් පමණ සංචාරකයන් පිරිසකට ගමන් කළ හැකි වුවත්, එය විවෘත කළ අවස්ථාවේ සිට ඊට වඩා දස ගුණයක පමණ පිරිසක් පාලම නැරඹීමට පැමිණ ඇති බවද කියැවෙයි.
ජනප්රිය හොලිවුඩ් චිත්රපටයක් වූ ඇවටර් චිත්රපටයේ භූමි දර්ශනවලට සමාන දර්ශනයක් මෙම පාලම ඉදිකර ඇති සානුව ආශ්රිතව දැකිය හැකි අතර, ඇඟ ලොමු දැහැගැන්වෙන අත්දැකීමක් පාලම තරණය කිරීමේදී ලබාගත හැකි බවද කියැවෙයි.
කෙසේ වෙතත්, පාලමේ කිසිදු බිඳ වැටීමක් හෝ වීදුරුවලට හානි වීමක් සිදුව නොමැති බවද කියවුණත්, එය නැවත විවෘත කරන දිනයක්ද සඳහන් කර නොමැත.

.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

