ලොව ප්රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටොයොටා සමාගම, ජපානයේ වූ සමාගම් මූලස්ථානයේ සෝපාන 8 න්, 2ක් ක්රියාවිරහිත කරමින් වියදම් අඩුකර ලෝක ආර්ථික අර්බුදයට මුහුණදීමේ මූලික සැලසුම් අරඹා ඇත.
මීට අමතරව, සමාගම් මූලස්ථානයේ ඒ.සී. පද්ධතියද සීරු මාරු කරමින්, වැඩි ඉතිරියක් සිදුකිරීමට සමාගම බලාපොරොත්තු වන බව කියයි.
ටොයොටා සමාගම පවසන්නේ මෙම මූලික පියවර 2008 ලෝක ආර්ථික අර්බුදයේදීද සමාගම ක්රියාකළ ආකාරයට පාඩු නොලබා වෙළෙඳ පොළ තුළ රැඳී සිටීමේ ක්රමවේදයක් බව කියයි.
කෙසේ වෙතත්, මේ හරහා කොපමණ මුදලක් ඉතිරිකර ගැනීමට කටයුතු කරනවාද යන්න අනාවරණය කිරීමට ඔවුන් කටයුතු කර නැත.
ඔවුන් පවසන්නේ, විදුලි සෝපාන දෙකක් ක්රියාවිරහිත කිරීම සමාගම් සේවකයන්ද ආර්ථික අර්බුදයට සූදානම් කිරීමක් බවය. ඒ අනුව, අලාභ නොලබා වෙළෙඳ පොළ තුළ රැඳී සිටිමින් වාහන වෙළෙඳ පොළේ තවදුරටත් තරගකාරී ලෙස කටයුතු කිරීමේ ටොයොටා කැපවීම පිළිබඳව සේවකයන් දැනුම්වත් කිරීමක් මෙමගින් සිදුවන බව ඔවුහු කියති.