ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය ඉතිහාසයේ දරුණුතම ලැව්ගිනි තත්ත්වයට මුහුණදෙමින් සිටින බවත්, මේ වනවිට නගරය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවත් වාර්තා වෙයි.
මේ වනවිට ග්ලෙන්ඩේල් සහ බර්බෑන්ක් ප්‍රදේශවල ජනතාව නිවාසවලින් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, නිවාස සිය කිහිපයක් ගින්නට ගොදුරුව ඇති බවද කියැවෙයි.
මේ වනවිට ලැව්ගින්න අක්කර 5,000ක් පුරා පැතිර යන අතර, එය සිකුරාදා දිනයේදී ලා ටූනා කැන්යොන් ප්‍රදේශයෙන් ආරම්භ වී නගරය පුරා දැඩි දුමාරයක්ද ඇති කර තිබේ.
එමෙන්ම, නගරයට වැටී ඇති ප්‍රධාන මාර්ග මෙන්ම අධිවේගී මාර්ග වසා දැමීමට බලධාරීන් කටයුතු කර ඇත.
නගරාධිපති එරික් ගාර්සෙටී විසින් සෙනසුරාදා රාත්රියේදී මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කළ අතර, කැලිෆෝනියා ආණ්ඩුකාර ජෙරී බ්‍රවුන් විසින් ඉරිදා දිනයේදී එය තවදුරටත් දීර්ඝ කරනු ලැබීය.
මෙම හදිසි තත්ත්වය ප්‍රකාශ කිරීම නිසා ප්‍රාන්තය වෙත මධ්‍යම රජයෙන් කඩිනම් සහනාධාර හා අරමුදල් ලබාගැනීමට හැකිවන බව කියැවෙයි.
හාවි සුළි කුණාටුවෙන් ටෙක්සාස් ප්‍රාන්තය හා හූස්ටන් නගරය දැඩි බලපෑමකට ලක්ව ඇති මොහොතක මෙම ආපදා තත්ත්වයද ඇමෙරිකාවට තවත් මානසික ව්යවුලක් ඇති කරන බව නොරහසකි.