ලොව විශාලතම නිල් පුෂ්පරාගය ලෙස සැලකෙන ඔස්ට්‍රෝ මාණික්‍යය ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.
කැරට් 9,381ක් වන මෙම නිල් පුෂ්පරාගය, බරින් කිලෝ ග්‍රෑම් දෙකක් පමණ වන බවද කියැවෙයි. එය මෙම වර්ගයේ විශාලතම හා වඩාත් පැහැදිලිම පුෂ්පරාගය ලෙස සැලකෙයි.
මීට වසර 30කට පෙර බ්‍රසීලයේදී මෙම සුවිශේෂී නිල් පුෂ්පරාගය සොයාගෙන තිබුණේ බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරික මොරිස් ඔස්ට්‍රෝ විසිනි. ඊට ගෞරවයක් ලෙස මීට ඔස්ට්‍රෝ යන නම ලබා දී තිබුණි.