ලෝකයේ වයස්ගතම පුරුෂයා වන ජපන් ජාතික සකාරි මොමෝයි අවුරුදු 112ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වී තිබේ.
හිටපු විදුහල්පතිවරයෙකු මෙන්ම දරුවන් පස් දෙනෙකුගේ පියෙකු වන මොමෝයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වකුගඩු අක්‍රීය වීම හේතුවෙනි.
පසුගිය අගෝස්තු මාසයේදී ගිනස් ලෝක වාර්තා පොතට අනුව ඔහු ලෝකයේ වයස්ගතම පුරුෂයා ලෙස නම් කෙරිණි.
පසුගිය අප්‍රේල් මාසයේදී ලොව වයස්ගතම පුද්ගලයා හා වයස්ගතම කාන්තාව වූ ජපන් ජාතික මිසාඕ ඔකාවා අවුරුදු 117ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූ අතර, ඇයගෙන් පසුව එම වාර්තාවට හිමිකම් කීමට ඇමෙරිකානු ජාතික සුසානාහ් ජෝන්ස් සමත්ව සිටී. ඇගේ වයස අවුරුදු 116කි.