පැන්ඩා රැඳවුම් මධ්‍යස්ථානයක ජීවත් වූ වයස්ගතම පැන්ඩා ලෙස සැලකුණු 37 හැවිරිදි බාසි ගිණිකොණදිග ෆුසෝව් පළාතේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙය මිනිස් ආයුෂ සමග සසඳා බැලීමේදී බාසි පරමායුෂ ලැබූ පැන්ඩාවෙකු බව චීන බලධාරීහු පවසති.
චීනයේ නිල සංකේතය බවට පත්ව ඇති පැන්ඩා සංරක්ෂණය වෙනුවෙන් විශේෂ අවධානයක් ගෙන තිබුණත්, මේ වනවිට පැන්ඩාවන් වඳවී යාමේ තර්ජනයට ලක්වූ සත්ව විශේෂයක් ලෙස නොසැලකෙයි.
විශේෂයෙන්ම පැන්ඩාවුන් සංරක්ෂණය වෙනුවෙන් චීනය ගනු ලැබූ සුවිශේෂී පියවර මේ ආකාරයෙන් ඔවුන් වඳවීයාමේ තර්ජනයෙන් මිදීමට හේතු විය.
බාසි පැන්ඩා බාසි නමින් හැඳින්වුණු නිම්නයෙන් සොයාගැනුණු පැන්ඩාවෙකු නිසා බාසි යන නම යෙදී තිබූ බවද කියැවෙයි.