මේ වනවිට ලොව වයස්ගතම පුරුෂයා ලෙස ගිනස් වාර්තා පොත නම් කර සිටි විශ්‍රාමික රසායනඥයෙකු හා පරාමනෝවිද්යාඥයෙකු වූ ඇලෙක්සැන්ඩර් ඉමිච් අවුරුදු 111ක් ආයු වළඳා ඇමෙරිකාවේ, මැන්හැට්න්හි සිය නිවසේදී ආභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙයි.
ඔහුගේ ලේලිය පවසන්නේ සති දෙකක පමණ කාලයක සිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් දුර්වල වෙමින් පැවති බවයි. නමුත්, ඊට වඩා වැඩි වෙනසක් ඔහුගෙන් දක්නට නොලැබුණු බව ඇය කියයි.
1903 දී එවකට රුසියාවේ කොටසක්ව පැවති පෝලන්තයේදී ඔහු උපත ලබා තිබුණි.
1939 වසරේදී නාසීන්ගේ ආක්රමණයත් සමග ඔහු සිය බිරිඳ සමග එම කලාපයෙන් ඉවත්ව, පසුව 1951දී ඇමෙරිකාවට පැමිණ තිබුණු අතර, බිරිඳ 1986 වසරේදී කළුරිය කර තිබුණි.
ඔහු පවසා තිබුනේ තමන්ගේ හොඳ ප්රවේණ ජාන සහ සාමාන්‍ය සෞඛ්‍ය මෙතරම් දිගු කලක් ජීවත් වීමට හේතු වූ බවයි.
ඉමිච්ගේ අභාවයෙන් පසු ලොව වයස්ගතම පුරුෂයා ලෙස අවුරුදු 111ක් වන ජපාන ජාතික සකාරි මොමෝයි පත් කිරීමට ගිනස් ලෝක වාර්තා පොත මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් සිටියි.
කෙසේ වෙතත් ගිනස් ලෝක වාර්තා පොතට අනුව මේ වනවිට ලොව වයස්ගතම පුද්ගලයා කාන්තාවක් වන අතර, ඇය වයස අවුරුදු 116ක් වන ජපාන ජාතික මිසාඕ ඔකාවා ය.