ලොව වයස්ගතම තැනැත්තා 117 ට පැමිණෙයි
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නම් කෙරී ඇති ජපාන ජාතික කාන්තාව 117 වැනි උපන් දිනය සැමරූ බව විදෙස් වාර්තා පවසයි.
මිසාඕ ඔකාවා නමැති ඇය 1898 මාර්තු 05 වැනිදා උපත ලබා ඇත්තේ ජපානයේ ඔසාකා නුවරදීය. ඇගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් පවුලේ ඥාතීන් රැසක් පැමිණ සිටි බවද විදෙස් වාර්තා පවසයි.
සිය 117 වැනි උපන්දින සැමරුම වෙනුවෙන් අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ අවුරුදු 117ක් යනු ලොකු කාලයක් ලෙස ඇයට නොහැඟෙන බවය.
ඔසාකා නුවර හෙද නිවාසයක මේ වනවිට ඇය ජීවත් වන අතර, එහි සේවිකාවන් පවසන්නේ පසුගිය මාස කිහිපයේදී ඇගේ සාමාන්‍ය ක්‍රියාකාරකම්වල යම් පසුබෑමක් දක්නට ලැබෙන බවත්, කන් ඇසීමේ දෝෂයක් පවතින බවය. මේ තත්ත්වයන් හැරුණු විට ඇය හොඳින් ආහාර ගන්නා බවත්, හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් ඔවුන් කියයි.
කිමෝනා මසන්නියකට දාව උපත ලබා ඇති ඔකාවා මහත්මිය 1919 දී යුකිකෝ සමග විවාහ වී ඇති අතර, ඔහු 1931 වසරේදී මියගොස් තිබේ.
ඔවුන්ට දාව දියණියන් දෙදෙනෙකු හා එක් පුතෙකු සිටි අතර, මුණුපුරන් සිවු දෙනෙකු හා ඔවුන්ටද දරුවන් හය දෙනෙකු වෙයි.
2013 ගිනස් ලෝක වාර්තා පොත මගින් ඇය ලොව වයස්ගතම කාන්තාව ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

