ස්මාට් අත්ඔරලෝසු හෙවත් 'ස්මාට්වොච්' නැව්ගත කිරීම වාර්ෂිකව සියයට 51.6%ක අඩුවීමක් පෙන්වන බවත්, එය ස්මාට්වොච් අලෙවියේ පැහැදිලි පසුබැසීමක් බවත් නවතම වෙළෙඳ පොළ සමීක්ෂණ වාර්තාවකින් හෙළිවී තිබේ.
එහිදී, ඇපල් සමාගමේ ජනප්රිය ඇපල්වොච් ස්මාට් අත්ඔරලෝසුව වෙළෙඳ පොළ ප්රමුඛයා ලෙස තවදුරටත් පැවතියද, 2016 ජූලි සිට සැප්තැම්බර් දක්වා වූ තෙවැනි කාර්තුවේදී එම නිමැවුම නැව්ගත කර ඇත්තේ මිලියනයකට තරමක් වැඩි ප්රමාණයක් පමණි.
එනමුදු, 2015 එම කාල පරිච්ඡේදය තුළදීම 'ඇපල්වොච්' මිලියන 3.9ක් නැව්ගත කර තිබුණි.
එමෙන්ම, දැනට වෙළෙඳ පොළේ පවතින ප්රමුඛ වෙළෙඳ නාමයන්ගෙන් ස්මාට්වොච් නැව්ගත කිරීමෙන් යම් වර්ධනයක් ලබා සිටින්නේ 'ගාර්මින්' පමණක් වුවත්, එයද සැලකිය යුතු වර්ධනයක් නොවන බවද බී.බී.සී.ය කියයි.
මෙම කාලසීමාව නවතම ස්මාට්වොච් සංස්කරණයන් වෙළෙඳ පොළට පැමිණීම සම්බන්ධයෙන් කතාබහ කෙරෙන කාලසීමාවක් වුවත්, ස්මාට්වොච් සම්බන්ධයෙන් වූ පාරිභෝගික රුචිකත්වයේ පැහැදිලි අඩුවීමක් හා දුර්වල බවක් පෙන්වන බවද එම සමීක්ෂණ දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.