ලොව ප්‍රථම සාර්ථක පුරුෂ ලිංග බද්ධ කිරීම සිදුවෙයි
වෛද්‍ය විද්‍යාවේ තවත් හාස්කමක් සිදුකරමින් ලෝකයේ ප්‍රථම වරට සාර්ථකව අවසන් කළ පුරුෂ ලිංග බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් පිළිබඳව දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙයි.
දකුණු අප්‍රිකාවේ සාම්ප්‍රදායිකව සිදුකෙරන ලිංග ඡේදනයකදී (සුන්නත් කිරීමකදී) සිදුවූ අත්වැරැද්දක් හේතුවෙන් මේ වනවිට 21 වැනි වියෙහි පසුවන මෙම තරුණයාට තම ලිංගේන්ද්‍රිය අහිමි වී තිබේ.
මෙම ශල්‍යකර්මය සිදුකළ කේප්ටවුන්හි ස්ටේලන්බොෂ් විශ්වවිද්‍යාලයේ සහ ටිගර්බර්ග් රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් ඒ සඳහා පැය 9ක කාලයක් ගත කර ඇති අතර, ඉන්ද්රිය පරිත්‍යාගයකින් ලැබුණු වෙනත් අයෙකුගේ ලිංගේන්ද්‍රයක් ඉහත කී තරුණයාට බද්ධ කර ඇති බව පැවසෙයි. එම වෛද්‍යවරු පවසන්නේ ශල්‍යකර්මය සාර්ථක වූ අතර රෝගියා සතුටින් සහ යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.
කෙසේ වෙතත් මෙම ශල්‍යකර්මය වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකටත් වඩා අසූරු බව ඊට සම්බන්ධ වූ ශල්‍ය වෛද්‍යවරයෙකු පවසා තිබේ. මෙම ශල්‍යකර්මයට සම්බන්ධ වී ඇති වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍ය අන්ද්රේ වැන්-ඩර්-මර්වේ පවසන්නේ, “සැබවින්ම මේ ශල්‍යකර්මය ඉතා අසීරු කාර්යයක්. මෙහි රුධිර නාලිකාවල පළල මිලිමීටර 1.5 යි. වකුගඩුවක නම් රුධිර නාලිකාවක් සෙන්ටිමීටරයක් විතර පළලයි” යනුවෙනි.
මෙම ශල්‍ය කර්මය පසුගිය දෙසම්බර් මාසයේදී සිදුකර ඇති අතර, රෝගියාගේ ලිංගේන්ද්‍රියේ සම්පූර්ණ සංවේදනය යථාතත්ත්වයට පත්වීමට වසර දෙකක් පමණ ගත විය හැකි බව වෛද්‍යවරු පවසති. කෙසේ වෙතත්, මුද්‍රා කිරීම, ලිංගේන්ද්‍රිය උත්තේජනය වීම හා ශුක්‍ර මෝචනය වැනි දේ ඉතා හොඳින් සිදුවන බවද වෛද්‍යවරු පවසති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

