ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයෙන් නිපදවූ ලොව ප්‍රථම ඖෂධ පෙත්ත නිෂ්පාදනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය අවසර ලබාදී තිබේ.
මීට පෙර ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයෙන් නිපදවූ ඇතැම් වෛද්‍ය උපකරණ හා මෙවලම් සඳහා එම පාලනාධිකාරිය විසින් අවසර ලබාදෙන ලදී.
ස්ප්රිටම් ලෙස නම් කර ඇති මෙම නව ඖෂධය අපස්මාරය හේතුවෙන් ඇතිවන හදිසි ආබාධ තත්ත්වයන් වැළැක්වීම වෙනුවෙන් නපදවා ඇති බව කියයි.
මෙම ඖෂධය නිෂ්පාදනය කළ අප්රේෂියා ෆාර්මසියුටිකල්ස් සමාගම පෙන්වා දෙන්නේ ඔවුන් ඉදිරියේදී තවත් ඖෂධ කිහිපයක්ම හඳුන්වාදීමට සූදානමින් සිටින බවයි.