ලෝකෙයේ බරින් වැඩිම ශරීරයකට හිමිකම් කියන කාන්තාව ලෙස සැලකෙන කි.ග්රෑ.500ක් බරැති ඊජිප්තු කාන්තාව සිය ශරීර බර අඩු කිරීමේ ශල්‍යකර්මයකට බඳුන් වී තිබේ.
ඉන්දියාවේ, මුම්බායි හි සයිෆී රෝහලේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ 36 හැවිරිදි එමාන් අහ්මඩ් නමැති මෙම කාන්තාව පසුගිය ජනවාරි මාසයේදී ඉන්දියාවට පැමිණි දින සිට මේ වනවිට කි.ග්රෑ.100ක් බර අඩු කරගැනීමට සමත් වූ බවයි.
එම ප්‍රකාශකයා පවසන්නේ ඇයට ඉතා ඉක්මණින් ඊජිප්තුව බලා නිරෝගීව ගමන් කිරීමට අවස්ථාව සැලසීමට තම වෛද්‍ය කණ්ඩායම් යුහුසුළුව ක්‍රියා කරන බවයි.
විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක ඇයව ඉන්දියාවට රැගෙන එනතුරු මෙම කාන්තාව වසර 25ක කාලයක් සිය නිවසින් පිටතට ගොස් නොතිබූ බව ඇගේ පවුලේ ඥාතීහු පවසති.