ලෝකයේ ජීවත්වන මිනිසුන්ගේ ජාතිකත්වය අනුව ඔවුන්ගේ උස පිළිබඳ කළ අධ්‍යයනයකදී ලොව උසම පුරුෂයන් ලෙස නෙදර්ලන්තයෙන්ද, උසම කාන්තාවන් ලැට්වියාවෙන්ද හමුවී තිබේ.
නෙදර්ලන්ත ජාතිකයන්ගේ උස සලකා බැලීමේදී සාමාන්‍යයක් ලෙස ඔවුන් අඩි 6කට ආසන්න උසකින් යුතු පුරුෂයන් බවත්, ලැට්වියන් කාන්තාවන්ගේ උස සාමාන්‍යයක් ලෙස අඩි 5 යි, අඟල් 7ක් පමණ වන බවත් අනාවරණය වී තිබේ.
ඉලයිෆ් නමැති ජර්නලයේ වාර්තා වූ මෙම අධ්‍යයන වාර්තාව සඳහා වර්ෂ 1914 සිට ලෝකයේ රටවල් 187ක මිනිසුන්ගේ උස සලකා බලා ඇත.
මේ අතර, ලොව උසම මිනිසුන් සොයා යෑමේදී, ලොව කොටම මිනිසුන් වාර්තා වී ඇත්තේ නැගෙනහිර ටිමෝර් රාජ්‍යයෙනි. ඔවුන්ගේ සාමාන්‍ය උස අඩි 5 යි, අඟල් 3ක් බව කියයි. එමෙන්ම, ලොව කොටම කාන්තාවන් ග්වතමාලාවෙන් වාර්තා වන අතර, ඔවුන්ගේ සාමාන්‍ය උස අඩි 4 යි, අඟල් 11 කි.