ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර වර්ධනය වන ගැටුම් හේතුවෙන් සිය තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබේ.
එහිදී, බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය සිය තානාපති සේවයේ නිලධාරීන්ට පවසා ඇත්තේ හැකි ඉක්මනින් රටින් පිටවීමට කටයුතු කරන ලෙසයි.
ඒ අනුව, ලබන සඳුදා සිට සියලු තානාපති සේවා කටයුතු අත්හිටුවා ඇති බවද පෙන්වා දෙයි.
ලිබියාවේ සිටින බ්‍රිතාන්‍ය තානාපති මයිකල් ඇරොන් පවසා ඇත්තේ මෙය අතිශය කණගාටුදායක තත්ත්වයක් බවයි.
කෙසේ වෙතත් නගරයේ ආරක්ෂාව තහවුරු වූ පසු නැවත සිය තානාපති කටයුතු හැකි ඉක්මණින් ඇරඹීමට කටයුතු යොදන බවත් හෙතෙම පවසා සිටියේය.
පසුගිය සති දෙකක කාලය තුළ ට්‍රිපෝලි හා බෙන්ගාසි ආශ්රිත ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 200ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.