ලිබියාවේ බටහිර ප්‍රදේශයක් වූ සිල්ටෙන් නගරයේ පිහිටි පොලිස් පුහුණු මධ්‍යස්ථානයක් ඉලක්ක කරමින් එල්ල කෙරුණු ට්‍රක් රථ බෝම්බයක් හේතුවෙන් පුද්ගලයන් 47 දෙනෙකුට වඩා වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට මාධ්‍ය වාර්තාවන්ට අනුව අල්-ජෆාල් පුහුණු මධ්‍යස්ථානයට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
බලයෙන් පහ කෙරුණු ලිබියානු නායක මුහම්මර් ගඩාෆි පාලන සමයේ හමුදා කඳවුරක් ලෙස මෙම පොලිස් පුහුණු මධ්‍යස්ථානය පැවතී ඇත.
2011 වසරේදී ගඩාෆි පාලනය පෙරලීමත් සමග එතැන් සිට ලිබියාවේ පාලනය දුර්වල වූ අතර, මේ තත්ත්වය තුළ ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් ලිබියාවේ බලය පැතිරවීම ඇරඹීය.