ලිබියාවේ ට්‍රිපෝලි නගරයේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආශ්‍රිතව දරුණු වෙඩි හුවමාරුවක් සිදුවූ බව වාර්තා වෙයි.
අන්තර්වාර පාර්ලිමේන්තුව ඉදිරිපිට සිදුවූ මෙම වෙඩි තැබීමත් සමග මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් වහා ඉවත් කළ බව කියැවෙයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන පරිදි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ කැරලි හමුදාවේ තුවක්කකරුවන් විසිනි.
කෙසේ වෙතත් මෙම වෙඩි ප්‍රහාරය හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව කියැවෙයි.
එනමුදු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආශ්රිත කළු දුම් වළාවක් අහසට නැගුණු බවද සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
ගඩාෆි පාලනය අවසන් වූ ලිබියාව තවමත් අරාජික තත්ත්වයක පවතින අතර, ලිබියාවේ කොටසක් පාලනය කරන කැරලි හමුදාව මර්දනය කිරීමට තවමත් අනතර්වාර රජයට නොහැකි වී තිබේ.
ඔවුන් සැලසුම් කරන නව ව්‍යවස්ථාව තවමත් නොලියූ තත්ත්වයක පවතින අතර, පසුගිය මාර්තු මාසයේ සිට ලිබියාව අගමැතිවරු තිදෙනෙකු විසින් පාලනය කර තිබේ.