ලිබියාවට එරෙහිව කටයුතු කිරීමේදී බ්‍රිතාන්‍ය විසින් වඩාත් බුද්ධිමත් හා පිළිගත හැකි ආකාරයේ පිළිවෙතක් අනුගමනය නොකළ බවට හිටපු අගමැති ඩේවිඩ් කැමරන්ට චෝදනා එල්ල වී තිබේ.
2011 වසරේදී බ්‍රිතාන්‍ය හා ප්‍රංශය විසින් ලිබියාව ආක්‍රමණය කළ අතර, මෙම ක්‍රියාව මේ වනවිට එරට පාර්ලිමේන්තුව තුළ දරුණු විවේචනයකට ලක්වෙමින් පවතී.
විශේෂයෙන්ම හිටපු ප්‍රංශ ජනපති නිකොලාස් සාකෝසි විසින් ලිබියාවට එරෙහි ප්‍රහාරයක් එල්ල කළේ ඔහුගේ පෞද්ගලික උවමනාවට බවද එම පාර්ලිමේන්තු වාර්තාවෙන් සඳහන් කර තිබේ.
මේ ආකාරයෙන්ම, බ්‍රිතාන්‍යයේ එවකට අගමැති ඩේවිඩ් කැමරන්ද බුද්ධිමත් හා පිළිගත හැකි ක්‍රියාපිළිවෙතක් අනුගමනය නොකළ බවට එම වාර්තාවෙන් වැඩිදුරටත් චෝදනා එල්ල වී තිබේ.