ආසියාවේ වඩාත් කීර්තිමත්ම විශ්වවිද්‍යාලයක් මෙන්ම, සිංගප්පූරුවේ වඩාත් ප්‍රකට විශ්වවිද්‍යාලයක් වන සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය (NSU) තුළ ලිංගිකත්වය උද්දීපනය කෙරෙන නවක වදයක් සිදුවන බවට චෝදනා එල්ල වී තිබේ.
විශ්වවිද්‍යාල ජීවිතයට හැඩගැස්වීම සඳහා පැවැත්වෙන කඳවුරු තුළදී මෙම නවකවද සිදුවීම් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති අතර, එහිදී බොහෝ විට ලිංගිකත්වය උද්දීපනය කෙරෙන ක්‍රියාවන්හි නිරත වීමට මෙම නවක සිසුන්ට සිදුව ඇති බවට චෝදනා නැඟෙයි.
එහිදී, මෙවැනි වැඩසටහන් සඳහා සහභාගී වීමට ඔවුන්ට බල කෙරෙන බවත්, ඒවායෙහිදී ලිංගිකත්වය සම්බන්ධ ප්‍රශ්න ඔවුන් වෙත ඉදිරිපත් කරමින් ඒවාට පිළිතුරු සැපයීමට සිදුවන බවත් මෙම නවක වදයන්ට මුහුණදුන් සිසුන් පවසා ඇති බව බී.බී.සී.ය කියයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය පවසා ඇත්තේ මෙවැන්නක් සිදුවන්නේ නම් ඊට එරෙහිව දැඩි විනයානුකූල දඬුවම් පැනවීමට කටයුතු කරන බවයි.
එමෙන්ම, විශ්වවිද්‍යාලය තුළ සියලුම සිසුන්ට සුරක්ෂිතබව, නිසි ආරක්ෂාව මෙන්ම ගෞරවය සෑම මොහොතකම හිමිවිය යුතු බවත්, මෙවැනි දෙයක් සිදුවූයේ නම් බලවත් සේ කණස්සල්ලට පත්වන බවත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වැඩිදුරටත් පවසා සිටියි.
![](http://editorial.ada.lk/wp-content/uploads/file/1_NSU rape.jpg)