ලන්ඩනයේ පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් මුහුණදෙන ලිංගික හිංසනයන්ට වැටබැඳීම සඳහා ලන්ඩන් පොලීසිය හා ට්‍රාන්ස්පෝට් ෆෝ ලන්ඩන් ආයතනය එක්ව විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ.
ඒ අනුව, එම පොදු ප්රවාහනවල සිදුවන ලිංගික හිංසනයන් පිළිබඳ කරුණු ගොනුකිරීම සඳහා වෙස් වලාගත් පොලිස් නිලධාරීන් යොදවා තිබේ.
ට්‍රාන්ස්පෝට් ෆෝ ලන්ඩන් ආයතනය පෙන්වා දෙන්නේ පොදු ප්රවාහනවල සිදුවන ලිංගික හිංසනයන්ගෙන් 90%ක්ම වාර්තා නොවන බවයි.
මෙසේ පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් මුහුණදෙන ලිංගික හිංසනයන් මැඬපැවැත්වීම සඳහා විවිධ රටවල වැරදිකරුවන්ට දැඩි දඬුවම් පැමිණවීමේ සහ ඒවා වැළැක්වීමේ ක්‍රම ක්‍රියාත්මක කරමින් පවතී.
ඉන්දියාව, යූ.ඒ.ඊ. තුර්කිය වැනි රටවල් මෙම ක්‍රියාවලියේ පෙරමුණ ගෙන කටයුතු කරන අතර, ඔවුන් කාන්තාවන් උදෙසාව වෙන් වූ බස් රථ, ත්‍රිරෝද රථ, දුම්රිය මැදිරි ආදිය හඳුන්වා දී තිබේ.