ප්‍රංශ ජනාධිපතිවරයාගේ අනියම් සම්බන්ධතාව මාධ්‍යයේ පැතිරීමත් සමග රෝහල් ගත කෙරුණු ප්‍රංශ ආර්යා වැලෙරි ට්රයර්වෙයිලර් රෝහලෙන් නික්ම ජනපති මන්දිරය වෙත පැමිණි බව ප්‍රංශ පුවත් සේවය පවසයි.
මේ අතර, ප්‍රංශ ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වැඩිදුරටත් පවසන්නේ සතියක පමණ කාලයක් ප්‍රතිකාර හා විවේක ගැනීමෙන් පසුව ඇය ජනපති මන්දිරය වෙත පැමිණියත්, දින කිහිපයක් පමණක් එහි රැඳෙනු ඇති බවය.
මේ අතර ජනාධිපති ප්රංශුවා හොලන්ඩේ සහ ප්‍රංශ නිළි ජූලි ගෙයිට්ගේ අනියම් සම්බන්ධය පිළිබඳ තතු හෙළි කළ ක්ලෝසර් සඟරාව මේ සිදුවීම සම්බන්ධයෙන් සිය ප්‍රතිචාර තවමත් අවසන් කර නැත. ඔවුන් සිය සඟරාවේ නවතම සංස්කරණයෙන් පෙන්වා දෙන්නේ ප්රංශුවා සහ ජූලි ප්‍රේම වෘත්තාන්තය 2012 වසරේ ජනාධිපතිවරණ ව්‍යාපාරය දක්වා ඇදෙන බවයි.
41 වැනි වියෙහි පසුවන ජූලි තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් යූරෝ 50,000ක වන්දියක් හා යූරෝ 4,000ක නීතීඥ ගාස්තු ක්ලෝසර් සඟරාවෙන් අයකර ගැනීමේ බලාපොරොත්තුවෙන් නඩු මඟට බැසීමෙන් පසුවද, ක්ලෝසර් සඟරාව මේ වැඩිදුර තොරතුරු වාර්තා කිරීම සිදුකර තිබිණි.
එමෙන්ම මේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සුවිශේෂී ඡායාරූප තමන් සතුව පවතින බව ක්ලෝසර් සඟරාව පවසා සිටියත්, පළමු ලිපියෙන් පසුව මේ සම්බන්ධයෙන් විවාදාත්මක ඡායාරූප පළ කිරීමට ඔවුන් කටයුතු කර නොතිබිණි.
ප්‍රංශ ජනාධිපතිවරයා විවාහයකින් තොරව සිය සහකාරිය බවට පත්කර ගෙන සිටින ජනපති ආර්යා වැලෙරිගෙන් ඔහු අද හෙටම වෙන් නොවුණත්, ඉදිරි දිනකදී ඔවුන්ගේ වෙන්වීම සිදුවනු ඇති බව ප්‍රංශ විචාරකයන් මෙන්ම, ජනාධිපතිවරයාගේ සමීපතමයන්ද කියා තිබිණි.
41 හැවිරිදි ගෙයිට් රූපවාහිනී හා සිනමා නිළියකි. ඇය චිත්‍රපට 50කට පමණ රංගනයෙන් දායක වී ඇති අතර, හොලන්ඩේ ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයේ රූපවාහිනී දැන්වීමකද පෙනී සිට ඇත.