වල්ගා තරුවක් පිළිබඳ පර්යේෂණ සිදුකිරීම සඳහා දියත් කෙරුණු රොසෙටා යානය එම 67P වල්ගා තරුව මතට කඩා වැටීමට පෙර අවසන් වරට නිකුත් කෙරුණු ඡායාරූප කිහිපයක් යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිකුත් කර ඇත.
මීට වසර 12කට පෙර මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට වල්ගා තරුවක තතු සොයා අභ්‍යවකාශ ගත කෙරුණු මෙම යානය, යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරියේ පාලනයෙන් මිදී මෙසේ වල්ගා තරුව මතට කඩා වැටී තිබේ.
එම මධ්‍යස්ථානය පෙන්වා දෙන පරිදි මෙම වල්ගා තරුව ලුහු බඳිමින් කිලෝමීටර් බිලියන හයකට වැඩි දුරක් රොසෙටා යානය ගමන් කර තිබීමත්, අවසන් මොහොතේදී මේ අනතුරින් යානය විනාශ වීමත් නිසා එහි විද්‍යාඥයන් කම්පනයකට පත්ව තිබේ.
එහිදී, මෙම යානයේ තිබූ සුවිශේෂී කැමරා යොදාගෙන මෙම අපූර්ව වල්ගා තරුවේ සමීප ඡායාරූප රැසක් යානය විසින් පෘථිවිය වෙත එවා තිබූ අතර, එම වල්ගා තරුවේ රළු බොරළු පෘෂ්ඨය එහි මනාව දිස්වෙයි.
මෙම අවසන් ඡායාරූප පෙළ වල්ගා තරුවට මීටර් 20ක් පමණ ඉහළදී ලබාගෙන තිබූ ඇති අතර, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ ඇ.ඩො.බිලියන 1.5ක් වූ මෙම ව්‍යාපෘතිය විනාශ වී යෑමට සුළු මොහොතකට පෙර ඒවා පෘථිවිය වෙත එවා තිබුණි.
කෙසේ වෙතත්, රොසෙටා යානය සමග යැවූ ෆිලේ නම් රොබෝ යානය 2014 නොවැම්බරයේදී සාර්ථක ලෙස වල්ගා තරුව මතට ගොඩබස්වා එහි සමීප ඡායාරූප පවා පෘථිවියට එවා තිබූ අතර, මෙම යානයද එම රොබෝ යානය සමග සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් පසුවූ බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.