ක්රිමියාව ආශ්රිතව රුසියාව සිය හමුදා බලඇණි එක්රැස් කරද්දී, ඕනෑම යුදමය වාතාවරණයකට මුහුණ දීම සඳහා තම හමුදා සීරුවෙන් තැබීමට යුක්රේන බලධාරීහු ක්රියාකර ඇති බව වාර්තා වෙයි.
මේ තත්ත්වය තුළ යුක්රේනයේ අතිරේක හමුදා බලඇණිද කැඳවන ලෙස එරට නව අන්තර්වාර රජය හමුදාවට නියෝග කර ඇති බව පැවසෙයි. මේ ආකාරයෙන් තම හමුදා සීරුවෙන් තැබුවද, කිසිම ආකාරයකින් ප්රහාරයකට මුල නොපුරන බවද එරට රජය අවධාරණය කරයි.
එහිදී, යුක්රේන නායකයන් අනතුරු අඟවමින් කියා සිටින්නේ රුසියාවෙන් සිදුවිය හැකි කුමන හෝ ආකාරයේ ප්රහාරයක් යුද ගැටුමක ආරම්භය මෙන්ම, දෙරට අතර සබඳතාවල පළුදුවීමක් වනු ඇති බවය.
මේ අතර, ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාද විනාඩි 90 කට වැඩි කාලයක් රුසියානු ජනාධිපතිවරයා සමග දුරකථන සංවාදයක නිරත වෙමින් උදක්ම ඉල්ලා සිටියේ ක්රිමියාව වෙත එවූ රුසියානු හමුදා නැවත කැඳවා ගැනීමට ක්රියාකරන ලෙසය. නමුත්, ඊට රුසියානු ජනාධිපතිවරයාගෙන් යහපත් ප්රතිචාරයක් ලැබී නොතිබුණු බව ධවල මන්දිරයෙන් වාර්තා වෙයි.
මෙසේ කලාපයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණද තවමත් කිසිවෙකු කොකා ගැස්සූ බවක් නම් මේ මොහොත වනවිටත් ආරංචි නොවෙයි. නමුත්, ක්රිමියාව අසල දේශසීමාවේ රුසියානු හමුදාවන් යුද අගල් කණිමින් සිටින ආකාරය දැකගත හැකි බව විදෙස් පුවත් සේවා අවධාරණය කරයි.