නැගෙනහිර යුක්රේනයේ ඇතිවී තිබෙන ගැටුම්කාරී වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීටර් පූටින් සහ යුක්රේන ජනාධිපති පේට්‍රෝ පොරොෂෙන්කෝ මෙන්ම, ප්රමුඛ යුරෝපීය නායකයන් කිහිප දෙනෙකුද සහභාගි වන සාකච්ඡා ආරම්භ වෙයි.
මෙම ගැටුම් නැවැත්වීම වෙනුවෙන් රුසියානු අගමැතිවරයා වෙත බලපෑමක් කිරීම සඳහා බ්‍රිතාන්‍ය, ජර්මානු, ප්‍රංශ හා ඉතාලි නායකයන් මෙහිදී බලාපොරොත්තු වෙයි.
ඔවුන් රුසියාවට චෝදනා කරන්නේ රුසියාව බෙදුම්වාදීන්ට ආයුද ලබාදෙමින් නැගෙනහිර යුක්රේනය තුළ ගැටුම් උත්සන්න කරන බවයි.
කෙසේ වෙතත් පසුගිය සැප්තැම්බර් මාසයේදී යුක්රේනය හා කැරලිකරුවන් අතර සටන් විරාමයක් ආරම්භ වුවත් දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා කරගත්තේ ඒ අතරතුරද ෂෙල් ප්‍රහාර වාර්තා වූ බව පවසමිනි.