යුක්රේන අර්බුදය හා නැගෙනහිර යුරෝපයේ නේටෝ හමුදා යෙදවීම් සම්බන්ධයෙන් රුසියාව තම යුද මූලෝපාය වෙනස් කිරීමට කටයුතු කළ බව එරට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබේ.
ක්‍රෙම්ලීනයේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන මික්හෙයිල් පොපොව් පවසා ඇත්තේ වියැකී යන ඇමෙරිකානු හා නේටෝ සම්බන්ධතා ඔවුන්ගේ මෙම නව මූලෝපාය විදහා දක්වනු ඇති බවයි.
නේටෝ සංවිධානය කියා සිටියේ තම සාමාජිකයන් ආරක්ෂා කිරීම සඳහා නැගෙනහිර යුරෝපය තුළ සිය හමුදා යෙදවීම් වැඩි කරන බවයි.
මේ අතර, යුක්රේන හමුදා නැගෙනහිර යුක්රේනය තුළ රුසියානු හිතවාදී කැරලිකරුවන් සමග සටනක නිරතව සිටියි.
පසුගිය අප්‍රේල් මාසයේ ඇරඹුණු මෙම ගැටුම් හේතුවෙන් ජීවිත 2,600ක් පමණ මේ වනවිට අහිමි වී ඇත.