ජාත්‍යන්තර අපරාධ අධිකරණය තවදුරටත් ස්වාධීන ආයතනයක් නොවන බැවින්, ඒ හා සම්බන්ධ ගිවිසුම්වලින් ඉවත්වීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් එරට අධිකරණ අමාත්‍යාංශයට හා විදේශ අමාත්‍යාංශයට නියෝග කර තිබේ.
එමෙන්ම, මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයද දැනුම්වත් කරන ලෙස පූටින් විදේශ අමාත්‍යාංශයට නියෝග කර ඇත.
විශේෂයෙන්ම පසුගියදා ප්‍රංශ ජනපති ප්රංශුවා හොලන්දේ විසින් සිදුකළ ප්‍රකාශයක්ද රුසියාව මේ ආකාරයෙන් එම ආයතනයෙන් ඉවත්වීමට හේතු වී ඇත.
රුසියාව විසින් සිරියාවේ සිදුකරන හමුදා මෙහෙයුම් සාමාන්‍ය ජනතාව ඉලක්ක කරන්නක් බවත්, ඒ නිසා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට පැමිණවිය යුතු බවත් හොලන්දේ පවසා තිබුණි.
කෙසේ වෙතත්, ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙම චෝදනාව රුසියාව මෙන්ම, සිරියාවද ප්‍රතික්ෂේප කරන අතර, සිරියාවේ IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් ඉලක්ක කිරීමක් හැර සාමාන්‍ය වැසියන් ඉලක්ක කිරීමක් හෝ ජාත්‍යන්තර ගුවන් සීමා උල්ලංඝනය කිරීමක් සිදුකර නොමැති බව එම රටවල් දෙකම අවධාරණය කර තිබුණි.
කෙසේ වෙතත්, නිවේදනයක් නිකුතර කරන රුසියානු විදේශ අමාත්‍යාංශයද පෙන්වා දෙන්නේ, මෙම ජාත්‍යන්තර අපරාධ අධිකරණය ස්වාධීනව කටයුතු කිරීමට මේ වනවිට අපොහොසත්ව සිටින බවයි.